දේශීය

කොරෝනා නිසා පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට සහන

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින විදේශගත විගමණික ශ්‍රමිකයින්ට සහන රැසක් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

ඒ සඳහා විදේශ දූත මණ්ඩල 16ක කම්කරු සුබ සාධන අංශ සමඟ ඍජුව සම්බන්ධ වී කටයුතු කරන බව එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායල, ජෝර්දාන්, කුවේට්, ලෙබනන් මෙන්ම මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, දකුණු කොරියාව සහ සිංගප්පූරුව යන රටවල් 16 දූත මණ්ඩල කම්කරු සුබසාධන අංශයට අයත් වේ.

මේ සම්බන්ධයෙන් විගමණික ශ්‍රමිකයින්ට පැය 24 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ  තොරතුරු ලබා ගත හැකියි.

Related posts

දයාසිරිට එරෙහිව පැමිණිල්ලක්…!

Editor O

ඉන්ධන සංචිත අවසන්වීම නිසා තවත් බලාගාරයක් නවතියි

Mohamed Dilsad

මහ මැතිවරණ ගැසට් නිවේදනය බල රහිත කිරීමට තවත් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment