දේශීය

ඉන්ධන සංචිත අවසන්වීම නිසා තවත් බලාගාරයක් නවතියි

(UTV | කොළඹ) – ඉන්ධන සංචිත අවසන්වීම හේතුවෙන් කොළඹ වරායේ බත්තල බලාගාරය ඊයේ (31) පස්වරුවේ සිට අක්‍රීය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් අහිමි වන බවයි වාර්තා වන්නේ.

බත්තල බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 500ක් පමණ ලබාදෙන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති අතර අද (01) දිනයේදී එම ඉන්ධන ලැබුණු පසු බලාගාරය යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ අක්‍රීය ව පැවති විදුලි ජනන යන්ත්‍රය පිළිසකර කිරීමත් සමග මෙගාවොට් 300ක ධාරිතාවක් මේ වන විට ජාතික පද්ධතියට එක් කර ඇති බවයි විදුලි ඉංජිනේරුවරුන් සඳහන් කළේ.

Related posts

දුරකථන ජාවාරමක්

Mohamed Dilsad

මැයි මාසයේ පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳ නිවේදනයක්

Editor O

වුහාන් සිට තායි ජාතිකයින් 138 ක් මුදාගැනේ

Mohamed Dilsad

Leave a Comment