දේශීය

තද වැසි ගැන රතු නිවේදනයක්

(UTV | කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, පහළ වායු ගෝලයේ කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බව ය.

කඳුකර ප්‍රදේශවල සහ ගංඟා ආශ්‍රිත පහත් බිම්වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

Related posts

අසාත් සාලි අත්අඩංගුවට ගැනීම පිළිබඳව මුස්ලිම් කවුන්සිලයෙන් පොලිස්පතිට ලිපියක්

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකු වැඩ තහනමට ලක් කෙරේ

Mohamed Dilsad

චීන සමාගම් රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි.

Editor O

Leave a Comment