දේශීය

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – සැප්තැම්බර් මස 3 වන සෙනසුරාදා පෙ.ව. 8.00 සිට සැප්තැම්බර් 4 ඉරිදා අලුයම 2.00 දක්වා පැය 18ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හටුවන බව ය.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට එම කාලසීමාවේදී ජල සැපයුම අත්හිටුවනු ඇත.

එමෙන්ම, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට මෙන් ම රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටු වීමට නියමිත ය.

Related posts

පාර්ලිමේන්තු සැසිය හෙට සහ අනිද්දාට පමණක් සීමාවෙයි

Mohamed Dilsad

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් ?

Mohamed Dilsad

තවත් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment