දේශීය

තද වැසි ගැන රතු නිවේදනයක්

(UTV | කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, පහළ වායු ගෝලයේ කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බව ය.

කඳුකර ප්‍රදේශවල සහ ගංඟා ආශ්‍රිත පහත් බිම්වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

Related posts

ප්‍රදේශ රැසකට ප්‍රභල අකුණු සමග වැසි

Mohamed Dilsad

ඉන්දන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය කල් යයි…?

Editor O

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබ ආරංචියක්

Mohamed Dilsad

Leave a Comment