දේශීය

තද වැසි ගැන රතු නිවේදනයක්

(UTV | කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, පහළ වායු ගෝලයේ කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බව ය.

කඳුකර ප්‍රදේශවල සහ ගංඟා ආශ්‍රිත පහත් බිම්වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

Related posts

අමෙරිකා පුරවැසිභාවය ලබා ගන්න නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

Editor O

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී යෝග්‍යතා පරීක්ෂණයක් අනිවාර්යය කිරීමේ සූදානමක්

Editor O

ගුරුවරියකගේ අත්බෑගය පාසල තුළදීම සොරකම් කරයි

Mohamed Dilsad

Leave a Comment