ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබ ආරංචියක්

තව නුදුරු දිනකින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත්කරගත හැකි වෙතැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ක්‍රිකට් තහනම ඉවත්කරගැනීම සඳහා ICCයේ බලධාරීන් සමග දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත් බවයි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,

 

“මට ලොකු විශ්වාසයකින් කියන්න පුළුවන් ICCයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් නොබෝ දිනකින් අපේ තහනම ඉවත්කරන බවත් දුරකථනයෙන් කළ සංවාදයකදී ප්‍රකාශයක් කළා. ඔවුන් සඳහා ලිපිය ලබාදෙන්න ඕන. මම හිතනවා මේ සතිය තුළ එයත් ලබාගැනීමේ හැකියාව අපිට තියෙයි. ශම්මි සිල්වාට එරෙහිව තියෙන හැම චෝදනාවක් ම ඒ වෙලාවේම මම ICCයට ඉදිරිපත් කරනවා. ICCයේ තමයි සල්ලි . ලංකාවේ රජයේ සල්ලි නෙමෙයි. ඒ නිසා අපිට පුංචි ප්‍රශ්නයක් තියෙනවා . හැබැයි අපි ගෙනාපු නීතියක් මේ රටේ තියෙනවා. ඒක තමයි දූෂණ මර්ධන නීතිය.

Related posts

රාජ්‍ය සේවකයින්ගේ රාජකාරියට බාධා කරන අයට අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

ඇඳිරි අවස්ථාවේ ධීවර කටයුතුවල නිරතවූ පිරිසක් නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

ක්‍රොඒශියාව එංගලන්තය පරදා අවසන් මහා තරගයට

Mohamed Dilsad

Leave a Comment