දේශීය

රාජ්‍ය සේවකයින්ගේ රාජකාරියට බාධා කරන අයට අනතුරු ඇගවීමක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට කැප වන රාජ්‍ය සේවකයින්ගේ රාජකාරියට බාධා කරමින් අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කරන පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ රාජ්‍ය සේවකයින්ගේ සුළු අඩුපාඩු මතුකර පෙන්වමින් ඔවුන්ට බැණ තර්ජනය කරමින් අසත්‍ය හෝ ද්වේශ සහගත වීඩියෝ දර්ශන සහ වෙනත් පළ කිරීම් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Related posts

ස්වර්ණාභරණ උකස් අත්තිකාරම් සඳහා උපරිම පොලී අනුපාත පනවයි

Mohamed Dilsad

ඇඹිලිපිටිය සලිත කළ වෙඩි හුවමාරුව

Mohamed Dilsad

ගිනිඅවි 103ක් සහ පතරොම් 28,789ක් ගැන අනාවරණයක්

Mohamed Dilsad

Leave a Comment