දේශීය

පුද්ගලයින්ට ලියාපදිංචි වීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින්ට පොලීසියේ ලියාපදිංචි වීම සඳහා ලබා දී තිබූ කාලය අද දහවල් 12න් අවසන් වුණි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අද දහවල් 12 වන විටත් ලියාපදිංචි නොවූ තැනැත්තන් වහාම අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමටත් එම පුද්ගලයන්ගේ නිවාස මුද්‍රා තැබීමටත් පියවර ගන්නා බවයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (31) පැවති දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ වනවිට ස්වයං නිරෝධායනයට ලියාපදිංචි වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 31,000 කට ආසන්නයි.

 

Related posts

”මැතිවරණය” පාසල් විෂය මාලාවට

Editor O

බැරල් සංඛගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නිසි මිලක් සහිතව දේශීය රබර් නිෂ්පාදනයට ප්‍රමුඛත්වය – ජනපති

Mohamed Dilsad

Leave a Comment