දේශීයප්‍රමුඛ පුවත 3

නිසි මිලක් සහිතව දේශීය රබර් නිෂ්පාදනයට ප්‍රමුඛත්වය – ජනපති

(UTV | කොළඹ) – රබර් සඳහා නිසි මිලක් දෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ  පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස අද (18) කෑගල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින්ය.

රබර් නිෂ්පාදනයට ප්‍රමුඛත්වය ලබාදීමෙන් රැකියා විරහිත පිරිස් කර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට හැකිවනු ඇතැයි එතුමා පෙන්වා දෙයි.

අතරමැදියන් නිසා රබර් කර්මාන්තයේ නිරතවුවන්ට නිසි මිලක් නොලැබෙන බවත් , එබැවින් කර්මාන්තයේ නිරත පිරිස අඩු වී ඇතැයි ද කෑගල්ල ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිතුමා සමග පැවසූහ.

 

 

Related posts

“ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය දෙනවා”  

Mohamed Dilsad

වරාය නගරය නැරඹීමට පැමිණි පිරිස 89,000 ඉක්මවයි

Mohamed Dilsad

සංචාරක නියෝජිතයින් ගෙන එන සංචාර සඳහා සේවා වැට් බද්දෙන් නිදහස් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment