දේශීය

ප්‍රදේශ රැසකට ප්‍රභල අකුණු සමග වැසි

(UTV | කොළඹ) – අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.    

ඒ අනුව මධ්‍යම , ඌව , දකුණු සහ නැගෙනහිර පළාත් වලත් පොළොන්නරුව සහ රත්නපුර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පළාත් වල තැනින් තැන මිලි මීටර 75 ඉක්මවූ තරමක තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

Related posts

බිමවැටී ඇති දත්ත සම්ප්‍රේෂණ රැහැන් ගැන මොබිටෙල් සමාගමෙන් විශේෂ ඉල්ලීමක්

Editor O

රට බේරගන්න පොහොට්ටුව තීරණයක් ගනී.

Editor O

විදේශිකයන්ට පොලීසියෙන් සහය

Mohamed Dilsad

Leave a Comment