ක්‍රීඩා

ආසියානු කුසලාන : ශ්‍රී ලංකාව බී කාණ්ඩයේ අවසන් ස්ථානයට

(UTV | ඩුබායි) – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බී ඛාණ්ඩය යටතේ ඊයේ පැවැති තරගයේ බංගලාදේශය පරාජයට පත් කරමින් කඩුළු 7කින් තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.

එම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ පිල පළමුව පන්දුවට පහරදුන් අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 127ක් ලබාගැනීමට සමත් විය.

ඉන් අනතුරුව පිටියට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3කදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 131ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කළේය.

ඒ අනුව බී ඛාණ්ඩයේ පළමු ස්ථානයේ රැදී සිටීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.

ඇෆ්ගනිස්ථානය ප්‍රසාද ලකුණු 4ක් හිමිකර ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය කිසිදු ප්‍රසාද ලකුණක් මෙතෙක් හිමිකර ගෙන නොමැත.

Related posts

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාව [VIDEO]

Mohamed Dilsad

මෙවර ලෝක කුසලානයට පෙර පැවැත්වෙන පුහුණූ තරඟ මෙන්න

Mohamed Dilsad

ලියොනාල් මෙසීට මාස 3ක ජාත්‍යන්තර තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment