ක්‍රීඩා

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාව [VIDEO]

(UTV| කොළඹ) –  1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ලබාදුන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා UTV Boom Boom Sports වැඩසටහන සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය.

මෙහිදී එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ද ඔහු අදහස් කීපයක් පළකර සිටියේය.

පසුගියදා කොදෙව්වන් සමඟ පැවති එක්දින තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම යම් පිබිදීමකින් ක්‍රීඩා කළ අයුරු පිළිබඳවද හිටපු ක්‍රිකට් නායකයා සිය අදහස් පළ කළේය.

එමෙන්ම , තිලංග සුමතිපාල යනු මෙරට සූදු ව්‍යාපාරය ආරම්භ කිරීමට මූලික වූ අයෙක් බවත් එවැනි පිරිස් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද විවිධ ගැටළු වලට මුහුණ පාන්නට සිදුවන බව අර්ජුන රණතුංග මහතා චෝදනා කළේය.

විස්සයි – 20 ක්‍රිකට් කණ්ඩායම තරඟ පරාජයවීම සම්බන්ධයෙන් ද ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවේදී මත පළකර සිටියේය.

පසුගියදා හම්බන්තොට – සූරියවැව ක්‍රීඩාංගනයේ දී ක්‍රිකට්ලෝලීන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එය ක්‍රිකට් පරිපාලනයේ ඇති දුර්වලතාවයත් මත සිදුවූවක් බවයි.

එසේම , ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ලැබීම සිය කණ්ඩායෙමේ වාසනාව බවත් එය හිමිකර ගැනීමට මහත් කැපවීමක් සිදුකළ බවත් අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම තම කණ්ඩායමේ සාමාජිකයන් එහිදී මුදල් පිළිබදව හෝ තානාන්තර පිළිබදව හෝ නොව සියල්ලන්ගේම එකම අරමුණ වූයේ සිට රටට ගෞරවය ගෙන ඒම බවත් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

 

Related posts

IPL එන නව කණ්ඩායමේ නාමය මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 20-20 ක්‍රිකට් තරඟය අද (13) රෑ 07ට ඇරඹේ

Editor O

අදත් තරඟයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

Leave a Comment