දේශීය

ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් IMF නිල නිවේදනය හෙට

(UTV | කොළඹ) – ණය මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික ගිවිසුමකට අදාළ එකගතාවයක් ඇති කරගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මීට අදාළ නිල නිවේදනය හෙට දිනයේදී නිකුත් කිරීමට නියමිතයි.

මූලාශ්‍ර 04 ක් උපුටා දක්වමිනුයි රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කල ණය මුදලේ ප්‍රමාණය ඩොලර් බිලියන 03 ක්.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රජයේ බළධාරින් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මේ දක්වා මීට අදාළව කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

Related posts

ඔන්ලයින් පනතට සංශෝධන ඉදිරිපත් කරනවා – නීතිපති අධිකරණයට කියයි

Editor O

පොලීසියේ ලොකු පුටු රැසකට ස්ථාන මාරු

Editor O

රංගේ බණ්ඩාර මහතාගේ පුත් ‍‍යශෝධ රංගේ බණ්ඩාර ට ඇප

Editor O

Leave a Comment