දේශීය

අන්තරේ සිසුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගත්තේ නෑ

(UTV | කොළඹ) – තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උපයෝගී කරගනිමින් සාමකාමි ලෙස විරෝධතා දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් රැසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ අන්තනෝමතික ක්‍රියාවලිය සිදු කළේ කුමන පදනමකින් දැයි යන්න ආණ්ඩුව වහා හෙළි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින්, අන්තනෝමතික ලෙස පිරිස් අත්අඩංගුවට ගනිමින් සිටින බව ද ඒ මහතා පැවැසීය.

සර්වපාක්ෂික වැඩපිළිවෙලකට සහයෝගය ඉල්ලා සිටින අතරේ ඊට විපක්ෂය සූදානම්ව සිටින අතරේ ආණ්ඩුව මේ අන්දමේ ප්‍රජාතන්ත්‍රවිරෝධී අන්තනෝමතික ක්‍රියාවලි වල යෙදෙන විට තමත් සහයෝගය ලබාදෙන්නේ ලබා දෙන්නේ කෙසේදැයි විපක්ෂ නායකතුමා ප්‍රශ්න කර සිටියේය.

ඊයේ උද්ඝෝෂණයකදී යමෙක් අත්අඩංගුවට ගෙන ඇත්නම්, ඔවුන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ බලාපොරොත්තුවක් නොමැති බව මීට ප්‍රතිචාර දක්වමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Related posts

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් මහජනයා වෙත දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

වෙනිසියුලාවේ ගැටළුව සාමකාමීව විසඳාගන්න.. – ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සැර නිවේදනයක්

Editor O

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment