දේශීය

දිස්ත්‍රික් 04 කට නායයාමේ අවදානම්

(UTV | කොළඹ) –  පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 04 ක් සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික් සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

එම දිස්ත්‍රික්කවල බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලා බැසීම් සිදුවිය හැකි බැවින් විමසිල්ලෙන් සිටින ලෙස එම සංවිධානය ජනතාවට දැනුම් දෙයි.

මේ අතර පහළ වායුගෝගයේ කැලඹිලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාවට ආසන්නයේ පවතින බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

සිය දිවි හානි කර ගැනීමට උත්සහ දැරූ යුධ හමුදා සෙබලෙකු රෝහලේ

Mohamed Dilsad

රත්‍රං මිලේ සුළු වෙනසක්

Mohamed Dilsad

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ඉන්දියානු ක්‍රීඩකයින් පැමිණීමට සූදානම්….

Editor O

Leave a Comment