විදෙස්

සෝවියට් දේශ‌යේ අවසන් නායකයා මිහායිල් ගොර්බචෙව් සමුගනියි

(UTV | රුසියාව) – සීතල යුද්ධය සාමකාමී අවසානයකට ගෙන ආ සෝවියට් දේශයේ අවසන් නායකයා වූ මිහායිල් ගොර්බචෙව් (91) අභාවප්‍රාප්ත විය.

1985 දී බලයට පත් වූ ගොර්බචෙව් මහතා එවකට සෝවියට් සංගමය ලෝකයට විවෘත කළ අතර ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දුන්නේය.

එහෙත් නූතන රුසියාව මතු වූ විට සෝවියට් සංගමයේ මන්දගාමී බිඳවැටීම වැළැක්වීමට ඔහුට නොහැකි විය.

ඔහු දිගු කලක් බරපතල රෝගාබාධයකින් පෙළුණු බව ඔහු මියගිය රෝහල පවසයි. මෑත වසරවලදී ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් තිබුණි.

ඔහුගේ මරණයට හේතුව ප්‍රකාශ කර නොමැති නමුත් වකුගඩු ආබාධයකින් පෙළීමෙන් ඔහු රෝහල් ගත කර ඇති බව ජුනි මාසයේදී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

ගොර්බචෙව් මහතාගේ අභාවයෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය බලවත් ශෝකය ප්‍රකාශ කළ බව ඔහුගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන ඉන්ටර්ෆැක්ස් වෙත ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Related posts

යුක්රේන ගුවන් අනතුරෙන් 25කට දිවි අහිමි වෙයි

Mohamed Dilsad

චීන ප්‍රබලයෙක් ලංකාවේ සංචාරයක

Mohamed Dilsad

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment