ව්‍යාපාරික

බිත්තර මිල 05 කින් ඉහළට

(UTV | කොළඹ) – බිත්තරයක් රුපියල් 50 කට අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යවරයා අවසර ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා කළ වැටලීම් අත්හිටුවීමට පියවර ගත් බවත් පාරිභෝගික සේවා කටයුතු අධිකාරියේ උසස් නිළධාරියෙක් පැවසීය.

සුදු බිත්තරයක් රුපියල් 43 ක සහ රතු හෝ දුඹුරු බිත්තරයක් රුපියල් 45 ක උපරිම සිල්ලර මිල නියමකරමින් වෙළඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් බිත්තර නිෂ්පාදකයන් එම ගැසට් නිවේදනය අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවට අඛණ්ඩව කළ ඉල්ලීම් සලකා බලා බිත්තරයක මිල රුපියල් 50 දක්වා වැඩි කිරීමට තීරණය කළ බවත් හැකි ඉක්මනින් ස්ථාවර මිලක් නියම කරන බවත් වෙළද අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය.

ගැසට් නිවේදනයක් මඟින් බිත්තරයක උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර බිත්තරයක් රුපියල් 60ත් 70ත් අතර මිලකට අලෙවි විය.

Related posts

මෙරට තේවලට ජපානයෙන් සීමා පැනවීමේ අවදානමක්

Mohamed Dilsad

සහල් මෝල් හිමියන්ගෙන් සහල් සිල්ලර මිල නිවේදනයක්

Mohamed Dilsad

ලබන වසරේ මහ බැංකුවට නව බැංකු පනතක්

Mohamed Dilsad

Leave a Comment