දේශීය

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරන්නේ ඇයි?

(UTV | කොළඹ) – විදුලි බිල වැඩි කොට ජනතාව කබලෙන් ලිපට දමන අතර සර්වපාක්ෂික ආණ්ඩු බිහි කරන්නට ආරාධනා කරන්නේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩිය හරහා හිමිවන ඩොලර් බෙදාගැනීමට දැයි විපක්ෂ නායකතුමා ප්‍රශ්න කර සිටියේය.

ජනතාව මෙතරම් පීඩාවට පත්ව සිටියදීත්,මෙවැනි මගඩි වලින් තව දුරටත් මෙරට ප්‍රපාතයට ඇද වැට්ටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායකතුමා පැවසීය.

විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් අද(29) පාර්ලිමේන්තුව ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක් දැක්විය.

එම අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේය.

Related posts

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මතයි

Editor O

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට ප්‍රහාරයක් – සිසුන් 04 කට තුවාල

Mohamed Dilsad

රාජකාරියේ වගවීම පැහැරහැරි තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම්

Editor O

Leave a Comment