ක්‍රීඩා

පාකිස්ථානයට එරෙහි තරගයෙන් ඉන්දියාව කඩුලු 05ක ජයක් 

(UTV | ඩුබායි) – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම පරදවා කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 147 ක් පමණයි. මොහොමඩ් රිස්වාන් ලකුණු 43 යි. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් ලකුණු 26 කට කඩුළු 4 ක් දවාගත් අතර හර්දික් පාණ්ඩෙයා ලකුණු 25කට කඩුළු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 කදී කඩුළු 5 ක් දැවී ලකුණු 148 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා. විරාත් කෝලි සහ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 35 බැගින් රැස් කළා. ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කර රැගෙන ගිය හර්දික් පාණ්ඩෙයා පන්දු 17 කදි ලකුණු 33 ක් රැස් කිරීමට සමත් වුණා. ඒ, හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක්ද සමගයි.

තරගයේ අවසන් පන්දුවාර දෙකේදී ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 21 ක් අවශ්‍යව තිබුණා. 19 වන පන්දු වාරයේදී හර්දික් පාණ්ඩෙයාගේ පිත්තෙන් හතරේ පහර 3 ක් එල්ල වූ අතර තරගයේ අවසන් පන්දුවාරයේ හතර වන පන්දුවේදී හයේ පහරක් එල්ල කරමින් ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය අත්කරදීමට පාණ්ඩෙයා සමත් වුණා.

Related posts

2000 මුල්දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා මුරලි

Mohamed Dilsad

ICC ශූරයන්ගේ කුසලාන පළමු අවසන් පූර්ව තරගය අද

Mohamed Dilsad

දිල්ශාන් මධුශංක ට ටෙස්ට් වරම්

Mohamed Dilsad

Leave a Comment