කලාගොසිප්

‘ජැක්සන් සුවපත් කර ගැනීම සඳහා හැකි සෑම උදව්වක්ම කරනවා’

(UTV | කොළඹ) – හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම රෝහලට ඊයේ (11) පෙරවරුවේ ගියේය.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනි මහතාගේ තත්වය පිළිබඳව ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් සමග දීර්ඝ වේලාවක් කතාබහ කර ඇතැයි දැනගන්නට ඇත.

ජැක්සන් ඇන්තනි මහතා සුවපත් කර ගැනීම සඳහා හැකි සෑම උදව්වක්ම කරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවුලේ සාමාජිකයන්ට දැනුම්දී ඇත.

චිත්‍රපටයක රූගත කිරීම් අවස්ථාවකට සහභාගීවී නවාතැන් ගෙන සිටි ස්ථානයට පැමිණෙමින් සිටියදී සිය මෝටර් රථය අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී ඉකුත් ජුලි මස 2 වැනිදා අලියකුගේ හැපීමෙන් සිදුවූ අනතුරකින් ජැක්සන් ඇන්තනි මහතා බරපතළ තුවාල ලැබීය.

ජැක්සන් ඇන්තනි මහතා එම අනතුරින් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැය 7ක ශල්‍යකර්මයකටද භාජන කෙරිණ.

මේ අතර කලාකරුවන් ඇතුළු විවිධ සංවිධාන විසින් ජැක්සන් ඇන්තනි මහතාට සුවය පතා රට පුරා බෝධි පූජා ඇතුළු පින්කම් රැසක් පසුගිය දිනවල සංවිධාන කරනු ලැබීය.

Related posts

ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් එක්දින චිත්‍රපට දැක්මක්

Mohamed Dilsad

ගෝඨා 24 ලංකාවට එන්නේ නෑ

Mohamed Dilsad

අලුත් Rolls Royce එකට විජේට බදු ගෙවන්න වෙලා

Mohamed Dilsad

Leave a Comment