කලා

අලුත් Rolls Royce එකට විජේට බදු ගෙවන්න වෙලා

(UTV | ඉන්දියාව) – දමිළ නළු විජේ විසින් ආනයනය කරන ලද ඔහුගේ Rolls Royce Ghost වර්ගයේ සුපිරි මෝටර් රථය බදුවලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහු විසින් මදුරාසි මහාධිකරණයෙන් කළ ඉල්ලීම පසුගියදා නිෂ්ප්‍රභ කර තිබිණි.

බදු ගෙවීම සඳහා ඔහුට සති දෙකක කාලයක් ලබාදෙන බවත් අධිකරණය විසින් ඔහු වෙත දන්වා තිබුණා. මෙය ජාතික විරෝධී පුරුද්දක් බව විනිසුරු එස්.එම්. සුබ්‍රමනියම් පවසා තිබුණා. මෙම නළු නිළියන් සමාජයට සමාජ සාධාරණත්වය පෙන්වා දෙන වීරයන් ලෙස පෙනී සිටියත් මේ ආකාරයට බදු පැහැරහැරීම එම ප්‍රතිරූපයට පටහැනි බව විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණා.

නියමිත වේලාවට වහාම බදු ගෙවන පුද්ගලයා සැබෑ වීරයකු වන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් පවසා තිබුණා. මේ පිළිබඳව විජේ විසින් තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

Related posts

ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් දැයෙන් සමුගනී

Mohamed Dilsad

JOHN WICK 2 ප්‍රදර්ශනය ඇරඹේ

Mohamed Dilsad

ප්‍රීති සින්ටාගේ තක්කාලි වගාව

Mohamed Dilsad

Leave a Comment