දේශීය

තැපැල් ගාස්තුත් ඉහළට

(UTV | කොළඹ) – රුපියල් 15ක් වන සාමාන්‍ය තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව තැපැල් දෙපාර්තුමේන්තුව කියයි.

නව සංශෝධන සහිත ගැසට් පත්‍රය ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත තැපැල්පතිවරයා විසින් ඉකුත් සිකුරාදා යවනු ලැබූ බව තැපැල් දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව, මේ මස 15 වන දාට නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අනිවාර්යයෙන්ම මේ මාසය තුළ ගාස්තු සංශෝධනය සිදුවන බව ත් ඔහු කියා සිටියේ ය.

කෙසේ වෙතත්, නව සංශෝධන අනුව මූලික තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා වැඩිවන නමුත් නව සංශෝධන අනුව පාර්සල් ගාස්තු ඇතුළු සමහර ගාස්තු පවතින ප්‍රමාණයට වඩා අඩුවනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

විදේශ තැපැල් ගාස්තු හා පාර්සල් ගාස්තුව ද පසුගිය මාසයේදී ඉහළ නංවනු ලැබිණි. මීට පෙර දේශීය තැපැල් ගාස්තු සංශෝධනයක් සිදුවූයේ 2018 ජුනි මස 15 වන දා ය.

Related posts

විශ්වවිද්‍යාල සිසු සහ කාර්යය මණ්ඩලයට ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ නිවාඩුවක්

Editor O

කාදිනල් හිමි කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථානවල සංචාරයක

Mohamed Dilsad

පොදුජන පෙරමුණ සෑම විටම ජනතා මතයට ඉඩ දෙන පක්ෂයක් – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment