ක්‍රීඩා

ඇන්ජි කඩයිමක් අභියස

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ 6 වැනි ක්‍රිඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට අවස්තාව හිමිව තිබේ. ඒ පාකිස්තානය සමගින් අද ආරම්භවිමට නියමිත ටෙස්ට් තරගයට මැතිව්ස් ක්‍රීඩා කිරීමත් සමගිනි.

ඇන්ජලෝ මේ වන විට ටෙස්ට් තරග 99කට ක්‍රීඩා කර තිබේ. පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් හෝ ඊට වැඩිි ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන්

මහේල ජයවර්ධන – තරග 149

කුමාර් සංගක්කාර – තරග 134

මුත්තයියා මුරලිදරන් – තරග 131

චමින්ද වාස් – තරග 111

සනත් ජයසූරිය – තරග 110

Related posts

රංගනගේ සමුගැනිමෙන් පසු ත්ත්වය ගැන හතුරුගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

මැලේසියාවට එරෙහි 20-20 තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගනී

Editor O

උපුල් තරංගට රසල්ගෙන් කැපිල්ලක්

Mohamed Dilsad

Leave a Comment