ක්‍රීඩා

උපුල් තරංගට රසල්ගෙන් කැපිල්ලක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තමා විසින් තේව හොරුත් ඊට උපුල් තරංගව ඇතුළත් කිරීමට තමාට අපහසු බව හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඩ් පවසා තිබේ.

BBC පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආනල්ඩ් මේ බව සදහන් කර තිබේ.

කෙසේ වෙතත් ඊට නිශ්චිත හේතුවක් සඳහන් කර නොමැති ආනල්ඩ් පවසන්නේ දසුන් ශානකට හා කතිසර පෙරේරා හය සහ හත ස්ථානවල ක්‍රීඩා කිරීමෙහි සෑහෙන වැදගත්කමක් ඇති බවයි.

නමුත් ඔවුන් දෙදෙනාට පන්දුවාර 20 සිට පන්දුවට පහරදිය නොහැකි බවත්, මුල් පිතිකරුවන් පස්දෙනා අවම වශයෙන් පන්දුවරා 35 වනතෙක් හෝ ක්‍රීඩා කළ යුතු බවත් ආනල්ඩ් සඳහන් කරයි.

එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස්ට කණ්ඩයමේ ස්ථානයක් ලැබිය යුතු බවත්, දිනේෂ් චන්දිමාල් තමාගේ පිතිකරණ වේගය පිළිබඳ සිතා බැලිය යුතු බවත් ආනල්ඩ් මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිය තරඟ තහනමට එරෙහිව උමාර් අක්මාල්ගෙන් අභියාචනයක්

Mohamed Dilsad

අද තරඟයේ කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

67 වැනි රන් සටනට අද

Mohamed Dilsad

Leave a Comment