ක්‍රීඩා

රංගනගේ සමුගැනිමෙන් පසු ත්ත්වය ගැන හතුරුගෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – එංගලන්තය සමග ඉදිරියේදි පැවැත්විමට නියමීත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට නියමීත දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමුගත් පසු එවැන්නෙක් සොයා ගැනිම පහසු නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වු චන්දික හතුරුසිංහ මහතා ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමීන් සඳහන් කර තිබේ.

රංගන හේරත් විශ්‍රාම ගැනිමෙන් පසු ඔහුගේ ස්ථානය ගැනිමට සුදුස්සෙක් සිටිදැයි නැගු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් හතුරුසිංහ මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබේ.

එසේම රංගන හේරත්ගේ ස්ථානයට ආදේශ කිරිම සුදුස්සෙක් සොයා ගැනිම ලෙසි පහසු කාර්යයක් නොවන බවත් කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින්ගෙන් එම අඩුව සපුරා ගැනිමට අපේක්ෂාවෙන් සිටින බවත් හතුරුසිංහ පවසා ඇත.

දඟ පන්දු යවන්නන් සිටියද සෘජුව රංගන හා සම කල හැක්කෙක් නොමැති බවත් නමුත් එවැනි තවත් අයෙක් සොයාගත හැකි වනු ඇති බවද, රංගන හා සංගක්කාර හා මුරලිදරන් සමුගත් පසු ප්‍රේක්ෂකයින් එවැන්නැන් බිහි විම අපේක්ෂාවෙන් පසු වන බවත් හෙතෙම මෙහිදි වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සූරියවැවට ජාත්‍යන්තර තරඟ නොදෙන්නේ ඇයි? ක්‍රීඩා ඇමති කියන කතාව

Mohamed Dilsad

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්

Mohamed Dilsad

බංග්ලාදේශ ක්‍රිකට් නායකය 20යි විස්සෙන් සමු ගනී

Mohamed Dilsad

Leave a Comment