ප්‍රමුඛ පුවත 1

ලිට්‍රෝ වංචා නඩුව අලුත් මහාධිකරණයේ මුලටම

(UTV| කොළඹ) – නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු ප‍්‍රථම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණය  හමුවේ පවරන ලද ප‍්‍රථම නඩුව හෙට (24) එම විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතය.

ඒ අනුව ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ප‍්‍රථම නඩුව ලෙස විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිත බව වාර්තාවේ.

ත්‍රි පුදගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස  ලෙස කටයුතු කරනුයේ කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත ගැසට් කෙරේ

Mohamed Dilsad

ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයෙන් තවත් එක් පියවරක් [VIDEO]

Mohamed Dilsad

සන්නිවේදන උපකරණ තොගයක් සමඟ චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment