දේශීය

ආරක්ෂක හමුදා ගාලු මුවදොර විරෝධතා භූමියට

(UTV | කොළඹ) – පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, අද අලුයම සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාල පිවිසුමේ රැඳී සිටි පිරිස ඉවත් කළ බව ය.

එහිදී පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

පොලිසිය, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදු කර ඇත

අලුයම 1.30 ට පමණ පොලිසිය සහ යුද හමුදාව ජනාධිපති කාර්යාලය දෙසින් ඇතුළු වී විරෝධතාකරුවන් සහ එම ස්ථානය අවට ඉදිකර තිබූ තාවකාලික ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගත්හ.

මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට ගාලුමුවදොර විරෝධතා ස්ථානය දක්වා ප්‍රදේශය පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් අත්පත් කරගෙන ඇති අතර ඔවුන් අතර තිබූ සියලු තාවකාලික ඉදිකිරීම් ඉවත් කර ඇත.

Related posts

හදිසි හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන්නැයි මානව හිමිකම් කවුන්සිලයේ දී ඉල්ලීමක්

Mohamed Dilsad

මගී ප්‍රවාහන වාහනවලට ලබන වසරේ සිට අලුත් නීතියක්

Editor O

Leave a Comment