දේශීය

ආරක්ෂක හමුදා ගාලු මුවදොර විරෝධතා භූමියට

(UTV | කොළඹ) – පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, අද අලුයම සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාල පිවිසුමේ රැඳී සිටි පිරිස ඉවත් කළ බව ය.

එහිදී පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

පොලිසිය, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදු කර ඇත

අලුයම 1.30 ට පමණ පොලිසිය සහ යුද හමුදාව ජනාධිපති කාර්යාලය දෙසින් ඇතුළු වී විරෝධතාකරුවන් සහ එම ස්ථානය අවට ඉදිකර තිබූ තාවකාලික ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගත්හ.

මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට ගාලුමුවදොර විරෝධතා ස්ථානය දක්වා ප්‍රදේශය පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් අත්පත් කරගෙන ඇති අතර ඔවුන් අතර තිබූ සියලු තාවකාලික ඉදිකිරීම් ඉවත් කර ඇත.

Related posts

සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගැනීමේ දුෂ්කරතා සමනය කිරීමට පුණ්‍ය ආයතනයක්

Mohamed Dilsad

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගට

Mohamed Dilsad

උතුම් වෙසක් පොහෝ දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment