විදෙස්

අමෙරිකා ජනපති – සෞදි සල්මාන් කුමරුන් අතර සාකච්ඡාවක්

(UTV |  සෞදි අරාබියාව) – නිල සංචාරයක් සඳහා සෞදි අරාබියට පැමිණි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ එරට ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

2018 වසරේදී තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනය කල මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජිගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී කුමරුන්ගේ අවධානය යොමුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ඝාතනයට සෞදි රජ පවුලේ සෘජු සම්බන්ධයක් ඇති බවටයි අමෙරිකාව මුල සිටම චෝදනා කළේ.

මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජි සෞදි රජය දැඩි ලෙස විවේච්චනය කල අයෙකු වීම ඊට හේතුවයි.

Related posts

ෂරීෆ් නිදහස් කිරීමට පාකිස්තාන අධිකරණයෙන් නියෝග

Mohamed Dilsad

තුර්කියේ හදිසි තත්ත්වය ඉවතට

Mohamed Dilsad

බ්‍රසීලයේ බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment