විදෙස්

තුර්කියේ හදිසි තත්ත්වය ඉවතට

(UTV|තුර්කිය) – තුර්කියට පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම හදිසි තත්ත්වය පැනවීමට මුල්වූයේ, 2016 වසරේ තුර්කි ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයයි.

එරට හදිසි තත්ත්වය වසර දෙකක කාලයක් ක්‍රියාත්මක වූණි.

එම හදිසි තත්ත්වය යටතේ කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකපළ වූ පුද්ගලයන් දහස් ගණනක් අත්අඩංගුවට ගැනීම මෙන් ම රැකියාවලින් ඉවත්කිරීමටද එරට රජය පියවර ගත්තේය.

වරින් වර හත් වරක් දීර්ඝ කිරීමට සිදු වූ එම හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ නොකරන බව තුර්කි ජනපති රිසෙප් තයීප් අර්ඩොගන් පවසා ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සීමා ඉවත්කළ යුතු බව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

චැඞ්වික් බෝස්මන් ජීවිතක්‍ෂයට පත්වෙයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ සංචාරක තහනම ජාත්‍යන්තරයේ විවේචනයට

Mohamed Dilsad

Leave a Comment