විදෙස්

සීමා ඉවත්කළ යුතු බව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

(UTV | පාකිස්තානය) – කොවිඩ්-19 ගෝලීය වසංගතය පාකිස්තානය තුළ වසංගතයක් ලෙස පැතිර නොයන බවත් එම නිසා එය රටපුරා ව්‍යාප්ත වීම වැළැක්වීමට පනවා තිබෙන සීමා ඉවත් කළ යුතු බවත් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.  

එරට වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ ඇතැම් සීමා ලිහිල් කිරීමට ද ඉකුත් දිනවලදී පියවර ගත්හ.

කෙසේ වෙතත් තවමත් එරට ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන් ආරම්භ කර නොමැති අතර සීමා ඉවත් කිරීමෙන් පසු ආසාදිතයන් වාර්තා වීමේ වැඩිවීමක් ද දක්නට ලැබිණි.

‘‘කොරෝනා වයිරසය පාකිස්තානය තුළ වසංගතයක් ලෙස පැතිර යන්නේ නැහැ’’ යැයි පෙන්වාදුන් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ‘‘එය විශාල මුදලක් ගිලගන්නවා’’ යැයි ද සඳහන් කර ඇත.

සෞඛ්‍ය බලධාරීන් විරෝධයක් දක්වන්නේ නැතිනම් සාප්පු සංකීර්ණ විවෘත කරන්නැයි නියෝග කළ පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය සති අන්තයේදී ව්‍යාපාර විවෘත කිරීමට ඇති හැකියාව සලකා බලන්නැයි ද බලධාරීන්ට නියෝග කළේය.

බටහිර රටවලට සාපේක්ෂව පාකිස්තානයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ ගණන වෛරස ආසාදිත මරණ ගණන අඩු වුවත්, මේ මාසයේ මේ දක්වා කාලයේදී එරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන ඉහඝ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඇමරිකානු, උතුරු කොරියානු නායකයින්ගේ හමුවීමගැන CIA නායකයාගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි

Mohamed Dilsad

ඊශ්‍රායල් ගමන වැළැක්වීමට හමාස් දැඩි උත්සාහයක

Mohamed Dilsad

Leave a Comment