විදෙස්

ඕස්ට්‍රේලියාවේ සංචාරක තහනම ජාත්‍යන්තරයේ විවේචනයට

(UTV | ඕස්ට්‍රේලියාව) – ඉන්දියාවේ සිට පැමිණෙන තම පුරවැසියන්ට ඕස්ට්‍රේලියානු රජය පැනවූ සංචාරක තහනමට අදාළ නීතිමය පියවර ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි ලෙස විවේචනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.   

ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුට වසර පහක සිර දඬුවම් සහ ඇමරිකානු ඩොලර් 66,000 ක දඩ මුදලක් නියම කිරීමටයි එරට රජය පියවර ගත්තේ.

ඒ අනුව ඉන්දියාවේ සිටින ඕස්ට්‍රේලියානුවන් 9,000 ක පමණ පිරිසක් මේ හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියානු රජය ගත් මෙම තීරණය මානව හිමිකම් උල්ලංඝනය කරන්නක් බව විදෙස් විචාරකයන්ගේ මතයයි.

 

Related posts

ලොව පුරා කොවිඩ් 19 ආසාදිත පිරිස විසි අට ලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

කොරෝනා එන්නත බවට හඟවා චීනයේ සේලයින් විකුණයි

Mohamed Dilsad

අත්ලාන්තික් සාගරයේදී අතුරුදන්වූ නෞකාවේ සිටි පිරිස සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment