විදෙස්

ට්‍රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳ ජීවිතක්ෂයට

(UTV |  නිව් යෝර්ක්) – අමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඩිමොක්‍රටික් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවාහයේ පළමු බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉවානා ට්‍රම්ප් නමැති ට්‍රම්ප්ගේ බිරිඳ නිව් යෝර්ක් නගරයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඇය මියයන විට 73 හැවිරිදි වියෙහි පසුවුණා.

චෙක් ජනරජයේ දී උපත ලැබූ ඉවානා ට්‍රම්ප් හිටපු ජනපති ට්‍රම්ප් සමග විවාහ වන්නේ වර්ෂ 1977 දී වන අතර, ඔවුන් වසර 15ක විවාහ ජීවිතයකින් අනතුරුව 1992දී විවාහයෙන් වෙන් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙම විවාහයෙන් ට්‍රම්ප්ට දරුවන් තිදෙනෙකු ද සිටිනවා.

ඔවුන් නමින් Donald Jr, Ivanka and Eric Trump නමැති අයයි.

ඉවානා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇය සිය නිවස අසල පිහිටි පඩිපෙළකින් බිම ඇද වැටීම හේතුවෙන් සිහිසුන්ව සිටීම බවටත් වාර්තා වී තිබෙනවා.

සිය පළමු විවාහයේ බිරිඳ ගැන ශෝකී වන හිටපු ජනාධිපති ට්‍රම්ප් සංවේදී සටහනක් ද තබා තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ මෙවැන්නක්.

“She was a wonderful, beautiful, and amazing woman, who led a great and inspirational life,” යනුවෙන්.

ඒ ඇය විශිෂ්ට සහ විස්මයජනක ජීවිතයක් ගත කළ සුන්දර තැනැත්තියක් වන බවයි.

Related posts

නවසීලන්තයේ ඇමතිවරුන්ගේ වැටුපෙන් ප්‍රමාණයක් කපා හැරේ

Mohamed Dilsad

අතුරුදන්ව සිටි ජැක් මා යළිත් කරළියට

Mohamed Dilsad

ට්‍රම්ප් පරාජය පිළිගනී – ජෝ බයිඩ්න් අමාත්‍ය මණ්ඩලය නම් කරයි

Mohamed Dilsad

Leave a Comment