දේශීය

බෝම්බ පිපිරීමක් ගැන අනුරගෙන් හෙළිදරව්වක්

(UTV | කොළඹ) – ජුලි මස 05 වැනිදා හෝ 6 වැනිදා සිට උතුරේ, නැගෙනහිර හෝ දකුණේ බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවමින් පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත යැවූ ලිපියක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (04) මාධ්‍ය වෙත ඉදිරිපත් කළා.

එම දින දෙකේදී බෝම්බ ප්‍රහාරයක් හෝ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් විදේශීය ඔත්තු සේවාවක් මඟින් සිදු කර එය LTTE සංවිධානය විසින් සිදු කරන ලද්දක් බවට ඒත්තු ගැන්වීම සඳහා සූදානමක් ඇති බවයි එම ලිපිය මඟින් දක්වා තිබෙන්නේ.

එසේම ඉදිරියේදී ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට සහ නිවාසවලට යම් ප්‍රහාරක් එල්ල කර රජයට බලපෑම් කිරිමට ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බවද අදාළ ලිපියේ දක්වා තිබෙනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ, මෙය ප්‍රතික්ෂේප කරන බවත් ඉදිරි දින කිහිපයේ පැවැත්වෙන මහජන උද්ඝෝෂණ බිය වැද්දීම සඳහා ආණ්ඩුව විසින් මෙම ලිපිය නිර්මාණය කර ඇති බවයි.

Related posts

ත්‍රීරෝද රථයක් ලක්ෂ 20යි. මිලදී ගන්නා අයට ”අපි මාලිමාවට” ස්ටිකරයක් නොමිලේ

Editor O

රජයේ වෛද‍්‍ය නිල‍ධාරීන්ගේ සංගමය දැඩි තීරණයකට..

Mohamed Dilsad

ජන ජීවිතවල ආරක්ෂාව පිළිබඳව රජය දැඩි අවධානයෙන් – අගමැති

Mohamed Dilsad

Leave a Comment