දේශීය

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තුවේ

(UTV | කොළඹ) – 2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන අගෝස්තු මස 15 වන දින නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

අද (04) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඒ අනුව නොවැම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය.

පසුගිව වසරේ පැවැත්වීම නියමිතව තිබූ උසස් පෙළ විභාගය මේ වසරේ පෙබරවාරි මස 7 වන දා සිට පැවැත්වුණි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 345,242 දෙනෙකු මධ්‍යස්ථාන 2,438කදී විභාගය සඳහා පෙනී සිටියේය.

Related posts

මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

බැංකු ගනුදෙනුකරුවන් ට දැනුම්දීමක්

Mohamed Dilsad

හෙට රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා

Mohamed Dilsad

Leave a Comment