දේශීය

දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහායවීමට IMF සහතික වෙයි

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව පවතින දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට තම කැපවීම යළිත් තහවුරු කරන බව මෙරට සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පවසනවා.

ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සකස් කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර ඔවුන් සමඟ සංවාදය දීර්ඝව ගෙනයාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කර ඇති බවයි මෙහිදී සඳහන් කර තිබෙන්නේ.

ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අවසන්වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත කණ්ඩායම පසුගිය ජුනි 20 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා තිබුණා.

Related posts

බදුරලියේ පවුල් 20 ක් ආරක්ෂිත ස්ථාන වෙත

Mohamed Dilsad

දුම්රියෙන් රැකියාවට යන්නන් හට දැනුම් දීමක්

Mohamed Dilsad

රට පුරාම විදුලිය බිඳවැටීම ගැන පරීක්ෂණ දෙකක්

Mohamed Dilsad

Leave a Comment