විදෙස්

භුමිකම්පනයෙන් විපතට පත්වූ අයව බේරා ගැනීමේ මෙහෙයුම් වලට කාලගුණය හරස් වෙයි

(UTV | ඇෆ්ගනිස්තානය) – ඇෆ්ගනිස්තානයේ සිදුවූ භූකම්පනයෙන් විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා කාලගුණය හරස්වී තිබෙනවා. ඒ, භූකම්පනය සිදුවූ ප්‍රදේශයට ඇදහැලෙන හිම සහ අධික වර්ෂාපතනය හේතුවෙන්.

දශක දෙකකට ආසන්න කාලයේ ඇෆ්ගනිස්තානයේ සිදුවූ දරුණුතම භූකම්පනය සටහන් කරමින් රිච්ටර් මාපාංක ඒකක 6 යි දශම 1 ක භූකම්පනයක් ඊයේ ඇතිවුණා.

එරට කොස්ට් ප්‍රදේශයට කිලෝ මීටර් 44 ක් පමණ දුරින් හටගත් මෙම භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව දහසකට අධිකයි. 1,500 කට ආසන්න පිරිසක් එහිදී තුවාල ලැබුවා. විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා තලේබාන් සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ද සහය ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

Related posts

අමෙරිකානු රාජ්‍ය ලේකම් හදිසියේ ඊශ්‍රායලයට

Mohamed Dilsad

දකුණු කොරියානු හිටපු ජනපති අත්අඩංගුවට

Mohamed Dilsad

සබ්බැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට

Editor O

Leave a Comment