විදෙස්

අමෙරිකානු රාජ්‍ය ලේකම් හදිසියේ ඊශ්‍රායලයට

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ.

 

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්‍රවීම වැළැක්වීමේ අරමුණින් සාකච්ඡා සිදුකිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

ඔහු පසුගිය දින කිහිපය තුළ කටාර්, ජෝර්දානය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඊජිප්තුව යන රාජ්‍යන්වල සංචාරය කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ.

 

ගොඩබිමින් සහ ගුවනින් ගාසා තීරයේ දැඩි ප්‍රහාරයක් සිදුකිරීමට ඊශ්‍රායලය සැලසුම් කර ඇති පසුබිමක අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් එරටට පැමිණීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

Related posts

කොලොම්බියිවේ බෝට්ටු අනතුරක් .6ක් මරුට

Mohamed Dilsad

මුම්බායිහි ගින්නක්

Mohamed Dilsad

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment