දේශීය

ගෙවන්න ඩොලර් නැතුව තෙල් නැව් 4ක් වරායේ

(UTV | කොළඹ) – මෙරටට ආනයනය කර ඇති ඉන්ධන නෞකා හතරක් ඩොලර් මිලියන 180කට අධික මුදලක් ගෙවා ගැනීමට නොහැකි වීමෙන් මේ වන විට දින කිහිපයක සිට කොළඹ පිටත වරායේ නැංගුරම්ලා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩීසල්, පෙට්‍රල් බහාලු නෞකා දෙකක් සහ බොරතෙල් නෞකා දෙකක් මෙලෙස නැංගුරම්ලා ඇති බව ත් මෙම නෞකාවන් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් නොමැති වීම හේතුවෙන් එම නෞකාවන් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වන බව ත් එම ආරංචි මාර්ග අනාවරණය කළේ ය.

මෙලෙස නැංගුරම්ලා ඇති නෞකා දෙකෙහි ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000කට අධික තොගයක් ඇති බව ත් බලශක්ති අමාත්‍යංශය මෙම නෞකාවන් දෙක හෝ කඩිනමින් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යංශය සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර ඇති බව ද වාර්තා වේ.

Related posts

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය පොලිස් බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

යුරෝපා සංගමය, කොටි තහනම දීර්ඝ කරයි.

Editor O

පාසැල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන්ටත් දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment