දේශීය

ජෝස්න්ටන්ට 8ට කළින් අධිකරණයට භාරවෙන්න ලෙස නියෝගයක්

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට භාර වන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එතෙක් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙසද අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අවසන් තීන්දුවක් ලබාදෙනතුරු අධිකරණයට ඉදිරිපත් වන ඒ මහතා සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන ලෙසත් අභියාචනාධිකරණය මහේස්ත්‍රාත්වරයාට නියම කළේය.

Related posts

වැලිකඩ කාන්තා වාට්ටුවෙන් තවත් තහනම් භාණ්ඩ රැසක්

Mohamed Dilsad

ගොඩබෑමේදී ගුවන් යානයක් පෙරළෙයි. 18 දෙනෙකුට තුවාල

Editor O

නැව් තොග 05ක ඉන්ධන ඇණවුමක් සිංගප්පූරු සමාගමකට

Editor O

Leave a Comment