දේශීය

ජෝස්න්ටන්ට 8ට කළින් අධිකරණයට භාරවෙන්න ලෙස නියෝගයක්

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට භාර වන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එතෙක් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙසද අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අවසන් තීන්දුවක් ලබාදෙනතුරු අධිකරණයට ඉදිරිපත් වන ඒ මහතා සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන ලෙසත් අභියාචනාධිකරණය මහේස්ත්‍රාත්වරයාට නියම කළේය.

Related posts

ළමුන් අතර සමේ රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Mohamed Dilsad

නුවරඑළිය එළවළු මිළ ඉහළට

Mohamed Dilsad

රතුපස්වල නඩුව යළි විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment