Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

නැව් තොග 05ක ඉන්ධන ඇණවුමක් සිංගප්පූරු සමාගමකට

පෙට්‍රල් 92 නැව් තොග 05 ක් මිලදී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2025–04-15 සිට 2025-10-14 දක්වා මාස 06ක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 05ක් මිලදී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ අනුව, සැපයුම්කරුවන් 07 දෙනෙකු ඒ සඳහා ලංසු ඉදිරිපත් කර තිබුණි.

ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති අවම ලංසුකරු වන සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගම , වෙත එම ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

‘UNP Restructuring Report’ to be submitted today

Mohamed Dilsad

ආහාර, ඇසුරුම් සහ කෘෂිකර්ම ප්‍රදර්ශනය අද සිට

Mohamed Dilsad

Arab coalition liberates town from Houthis

Mohamed Dilsad

Leave a Comment