දේශීය

විශ්වාසභංගයට දින ඉල්ලා සජබ මන්ත්‍රීවරු කතානායක කාර්යාලය වටලති [VIDEO]

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කතානායක කාර්යාලය වැටලීමට කටයුතු කරනු ලැබ තිබේ.

කතානායකවරයා ද ඒ මොහොතේ කතානායක කාර්යාලයේ සිටි අතර මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ සිය පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ය.

හරින් ප්‍රනාන්දු මහතා ඇතුළුසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එහි රැස්ව සිටියහ.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ද කතානායක කාර්යාලය වෙත පැමිණි අතර මන්ත්‍රීවරුන් නැවත නැවතත් බල කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ විශ්වාසභංගය සඳහා දිනයක් ලබා දෙන ලෙස ය.

ඊට පිළිතුරු දෙමින් කතානායකවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන සඳුඳා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කටයුතු කරන බව.

Related posts

ජින්තුපිටිය වෙඩි තැබීමෙන් අයෙක් මරුට | දරුවන් දෙදෙනෙකුටත් තුවාල

Editor O

සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

ඇඳිරි නීති බලපත්‍ර අවභාවිතා කරන්නන් සොයා විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment