දේශීය

ගුණපාල රත්නසේකර රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ හේතුව මෙන්න

(UTV | කොළඹ) – සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අමාත්‍ය ධූරයක කටයුතු කිරීම සඳහා රටක ස්ථාවරත්වයක් පැවතිය යුතු බව ය.

“මම අවංකව පිළිගන්නවා මේ අමාත්‍යධූරවල වැඩකරන්න පුළුවන් තරම් වාතාවරණයක් නෑ. ඒ නිසා මම පෞද්ගලිකව මගේ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ඊයේ හැන්දෑවේ ජනාධිපතිවරයාට භාර දුන්නා. ජනාධිපතිවරයා ඒක ඒ වේලාවේ භාර ගැනීම ප්‍රතික්ෂේප කළා. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා ලිපිය දීලා ආවා. මේ අමාත්‍ය ධූරයේ කටයුතු කරන්න තරම් සාමාජීය හා දේශපාලන ස්ථාවරභාවයක් රටේ නෑ. රටක අපිට අමාත්‍යාංශයක වැඩ කටයුතු කරගෙන යන්න මානසිකත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේ ම ස්ථාවරභාවයක් තියෙන්න ඕනේ. සියල්ලට කලින් මේ ස්ථාවරභාවය හදන්න ඕනේ.”

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවට ජනපති බෑ කියයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Mohamed Dilsad

මුදලට බිළිඳුන් ගත් සැකකාරියන් දෙදෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment