දේශීය

එළඹෙන 28 වන දා දැවැන්ත වැඩ වර්ජනයක්

(UTV | කොළඹ) – වත්මන් ආණ්ඩුව තවදුරටත් රැඳී සිටි‌න්නේ නම් එළඹෙන 28 වන දා දැවැන්ත වැඩ වර්ජනයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, එම වැඩ වර්ජනය සඳහා සියලු ම ක්ෂේත්‍රවල වෘත්තිය සමිති එකතු වී ඒකාබද්ධ වැඩ වර්ජනයක් සිදු කරන බව ය.

“අද දවස අපි එක දවසක් සංකේතාත්මකව මේ ක්‍රියාමාර්ගය අරන් තියෙන්නේ. හෙට අපි සේවයට වාර්තා කරනවා. ඒ වගේ ම එළඹෙන 28 වන දා තවදුරට ත් ආණ්ඩුව ඉන්නවා නම් 28 වන දා අපි සියලු ම වෘත්තිය සමිති එකතු වෙලා ඒ කියන්නේ වරාය, දුම්රිය, බැංකු, රාජ්‍ය අර්ධ රාජ්‍ය සියලු සේවාවන් එක්ක ඒකාබද්ධ වූ දැවැන්ත වැඩ වර්ජනයක් අපි සංවිධානය කරලා තියෙනවා. ඒ ක්‍රියාවලිය අපි ශක්තිමත්ව පෙරට ගන්නවා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ ය.

Related posts

ආදිවාසී නායකයාට මරණ තර්ජන

Mohamed Dilsad

නව බස් ගාස්තු දැන් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 30 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment