ක්‍රීඩා

ප්‍රධාන පුහුණුකාර තනතුරට කෙරුණු යෝජනාව මහේල ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ) – එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට කළ යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කළේ ක්‍රිස් සිල්වර්වුඩ් ය.

ඔස්ට්‍රේලියාව හමුවේ අළුබඳුන තරගාවලියේ දී ලද දරුණු පරාජයෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කෙරුණි.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ ද එංගලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ය.

එංගලන්ත ටෙස්ට් හා සීමිත පන්දුවාර කණ්ඩායම් වෙනුවෙන් නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත්කිරීම සඳහා මේ වනවිට එරට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සිදුකෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කර ඇති බව එංගලන්ත මාධ්‍ය ඊයේ (22) වාර්තා කර තිබුණි.

ඔහුට අමතරව හිටපු ඔස්ට්‍රේලියානු නායකයෙකු වන රිකී පොන්ටින් ද අදාළ ධූරය භාර නොගැනීමට තීරණය කර ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

කොදෙව් හිටපු ක්‍රීඩකයෙකු වන ඔටිස් ගිබ්සන් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීම සඳහා ද මේ වනවිට අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

Related posts

ලොව වේගවත්ම මිනිසා ඉතාලියෙන්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට 372ක ඉලක්කයක්

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක්

Mohamed Dilsad

Leave a Comment