දේශීය

මුස්ලිම් කොංග්‍රසය නසීර් අහමඩ් නෙරපයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා සිය පක්ෂයෙන් නෙරපා හැරීම නීත්‍යානුකූලව තහවුරු වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වනු ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හකීම් ඩේලි මිරර් පුවත් සේවයට පවසා ඇත්තේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් මෙම නෙරපීම සිදු කළ බවයි.

නෙරපා හැරීම නීත්‍යානුකූලව තහවුරු වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමට හේතු වනු ඇත. අයවැයට පක්‍ෂව ඡන්දය දීම හේතුවෙන් ඔහු මෙසේ පක්ෂයේ විනය කඩකිරීමේ චෝදනා යටතේ පක්ෂයෙන් ඉවත් කර තිබේ.

Related posts

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

මැයි මාසයේ දීමනාවට රජයෙන් කෝටි 2572 ක් වෙන් කරයි

Mohamed Dilsad

Leave a Comment