දේශීය

මැයි මාසයේ දීමනාවට රජයෙන් කෝටි 2572 ක් වෙන් කරයි

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට මැයි මාසය තුළ සහන ලබාදීමට රජය රුපියල් කෝටි 2,572 ක් වෙන් කර ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (14) කැඳවා තිබූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

තවද මෙරට පෞද්ගලික ආයතනවල සේවයේ නියුතු කිසිඳු සේවකයෙකුගේ රැකියා අහිමි නොකිරීමට හාම්පුතුන්ගේ සංගම් රජය සමග එකගතාවකට පැමිණ ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

ඔහු පැවසුවේ කෙසේ වෙතත් පවතින ආර්ථික තත්වය සැළකිල්ලට ගෙන පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමේදී මාසික වැටුපෙන් අඩක් හෝ රුපියල් 14,500 ක අවම වැටුපක් යන විකල්ප දෙකෙන් එකක් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවයි.

Related posts

දියේ ගිලී පාසල් සිසුවෙක් මියයයි

Mohamed Dilsad

වැලිකඩ කොරෝනා ආසාදිත රැඳවියන්ගේ ගණන තවත් ඉහළට

Mohamed Dilsad

නේපාල ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි

Editor O

Leave a Comment