දේශීය

මාලදිවයිනේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) – මාලදිවයිනේ රැඳී සිටි 304 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ .එල්. 102 දරණ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එම ගුවන් යානය තුළ 288 ක් ශ්‍රී ලාංකික ගුවන් මගීන් වන අතර ඉතිරි 16 දෙනා ජපන් ජාතිකයන් වන බව සඳහන්.

ඔවුන්ව අද (14) පස්වරුවේ ජපානයේ නරීටා බලා  පිටත් කර හැරීමට නියමිතයි.

මෙසේ පැමිණි ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විශබීජ හරණය කිරීමට ලක් කළේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ මගින් , මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස නීරෝධායනය සදහා රැගෙන යෑම සිදු කෙරුණි.

Related posts

ලොහාන් සහ බිරිඳ 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

Editor O

අධිවේගී මාර්ගයේ කොටසක් වසයි

Mohamed Dilsad

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් හිරුනිකා නිදහස් කරයි.

Editor O

Leave a Comment