Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් හිරුනිකා නිදහස් කරයි.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට අද (04) නියෝග කළේය.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් සම්බන්ධයෙන් තමන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පලකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් මින් ඉදිරියට එවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරයා මාර්ගයෙන් දැනුම් දීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම පෙත්සම අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවින. .

Related posts

காணாமல் போன வர்த்தகர் சடலமாக மீட்பு

Mohamed Dilsad

අදත් කලාප වශයෙන් විදුලි කප්පාදු

Mohamed Dilsad

අධිකරණ කිහිපයක ඇප අයදුම්පත් කැදවයි

Mohamed Dilsad

Leave a Comment