ක්‍රීඩා

ලොව වේගවත්ම මිනිසා ඉතාලියෙන්

ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළ පැළඳීමට ඉතාලියේ ලැමන්ට් ජේකබ්ස් ඊයේ (01) සමත් වුණි.

ඒ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමිනි.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාගේත් අවධානය දිනාගත් ලොව වේගවත්ම මිනිසා සොයා ගිය පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් තරගය අද පස්වරුවේ පැවැති අතර 2004 වසරින් පසුව එම ඉසව්වේ අවසන් තරඟයට ජැමෙයිකානු ක්‍රීඩකයෙකුගේ සහභාගීත්වයක් නොතිබීම විශේෂත්වයකි.

පිරිමි මීටර් 100 අවසන් තරඟය ක්‍රීඩකයින් 8 දෙනෙක් සුදුසුකම් ලැබුවද වැරදි ආරම්භයක් ලබා ගැනීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ක්‍රීඩකයාට තරඟයෙන් ඉවත්වීමට සිදුවුණි.

අනතුරුව පැවති පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් තරඟය තත්පර 9.80කින් නිම කරමින් රන් පදක්කම දිනා ගැනීමට ඉතාලියේ ලැමන්ට් ජේකබ්ස් සමත්වුණි.

එම ඉසව්වේ රිදී පදක්කම අමෙරිකාවේ කර්ලි ෆ්‍රෙඩ් විසින් දිනා ගත් අතර කැනඩාවේ ඇන්ඩ්‍රි ඩී ග්‍රාස් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

Related posts

රටේ ක්‍රීඩාව ආරක්ෂා කිරීම සියලු ක්‍රීඩකයන්ගේ වගකීමක්- ඇමති අර්ජුන කියයි(වීඩියෝ)

Mohamed Dilsad

සාර්ක් පළමු රන් පදක්කම ටයිකොන්ඩෝ ඉසව්වෙන්

Mohamed Dilsad

46 වන ජාතික ක්‍රිඩා උළලේ මැරතන් – පාපැදි තරග අද කතරගමදී

Mohamed Dilsad

Leave a Comment